සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
11. යොගක්ඛෙමි වර්‍ගය
9. පරිජාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, රූපයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. ශබ්දයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. ගන්‍ධයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. රසයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. ස්පර්‍ශයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. ධර්‍මයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ.
’’මහණෙනි, රූපයන්ද වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. ශබ්දයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. ගන්‍ධයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. රසයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. ස්පර්‍ශයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. ධර්‍මයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේයයි, (වදාළසේක.)