සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

11. යොගක්ඛෙමි වර්‍ගය

10. උපස්සුති සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ නෑයන් විසින් කරණලද ‘ගිඤඡකාවසථයෙහි’ (උළු සෙවිලි ඇති ආවාසයක) වාසය කරණ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රහසිගතව විවේකව වැඩවසමින් මේ ධර්‍ම පර්‍ය්‍යාය වදාළසේක.

’’ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ.

’’කණද, ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ.

’’නාසයද, ගන්‍ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ.

’’දිවද, රසයද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ.

’’කයද, ස්පර්‍ශයද, නිසා කාය විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ.

’’සිතද, ධර්‍මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැණීම වේ.

’’ඇසද, රූපයන්ද නිසා නිසා චකඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්‍ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ.

’’කණද, ශබ්දයද නිසා නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්‍ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ.

’’නාසයද, ගන්‍ධයද නිසා නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්‍ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ.

’’දිවද, රසයද නිසා නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්‍ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ.

’’කයද, ස්පර්‍ශයද නිසා නිසා කාය විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්‍ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ.

’’සිතද, ධර්‍මයන්ද නිසා නිසා මනෝ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්‍ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේයයි (වදාළේය.)

එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අසාගෙණ සිටියේ වෙයි. සමීපයෙහි අසාසිටි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ දුටුසේක. දැක ඒ භික්‍ෂුවට මෙය වදාළේය. , මහණ නුඹ මේ ධර්‍මපර්‍ය්‍යාය ඇසුවෙහිද?, කියායි. , එසේය සවාමීනියි, හේ පිළිතුරු දිනි. මහණ නුඹ මේ ධර්‍ම පර්‍ය්‍යාය උගනුව. මහණ නුඹ මේ ධර්‍ම පර්‍ය්‍යාය පුරුදුකරව. මහණ නුඹ මේ ධර්‍ම පර්‍ය්‍යාය දරව. මහණ මේ ධර්‍ම පර්‍ය්‍යාය තෙම ආදි බ්‍රහ්මචරියක (බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීමට මුල්) වූයේ, වැඩ පිණිස පවතින්නේ වේයයි, වදාළ සේක.

පළමුවන යොගකෙඛමිය වර්‍ගය නිමි.