සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

15. නවපුරාණ වර්‍ගය

8. අත්‍ථිනුඛොපරියාය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරණ ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කරන ආකාරයක් ඇත්තේද?,

’’ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.,

’’මහණෙනි, එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි’ වදාළසේක.,

’’එසේය, ස්වාමීනි, ක්යා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

’’මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමියි රහත්බව ප්‍රකාශකරන ආකාරයක් ඇත්තේද?

’’මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.

’’මහණෙනි, මහණතෙම ඇසින් රූපයක් දැක, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියිද, මහණෙනි, භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, }€“ , ස්වාමීනි, එය නොවේමැයි.,

’’මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, }€“ , ස්වාමීනි, එසේය.,

’’මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. , මහණතෙම කණින් ශබ්දයක් අසා, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම කණින් ශබ්දයක් අසා, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, }€“ , ස්වාමීනි, එය නොවේමැයි.,

’’මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, }€“ , ස්වාමීනි, එසේය.,

’’මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහයෝ, මා තුළ රාග දෝස මෝහයෝ ඇතැයි හෝ දැනගණියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහයෝ, මා තුළ රාග දෝස මෝහයෝ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහයෝ, මා තුළ රාග දෝස මෝහයෝ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහයෝ, මා තුළ රාග දෝස මෝහයෝ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, }€“ , ස්වාමීනි, එය නොවේමැයි.,

’’මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, }€“ , ස්වාමීනි, එසේය.,

’’මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම දිවෙන් රසයක් විඳ, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම දිවෙන් රසයක් විඳ, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, }€“ , ස්වාමීනි, එය නොවේමැයි., , මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, }€“ , ස්වාමීනි, එසේය.,

’’මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කයෙන් ස්පර්‍ශයක් විඳ, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම කයෙන් ස්පර්‍ශයක් විඳ, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, }€“ , ස්වාමීනි, එය නොවේමැයි.,

’’මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, }€“ , ස්වාමීනි, එසේය.,

’’මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සිතින් ධර්‍මයක් දැන, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම සිතින් ධර්‍මයක් දැන, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, }€“ , ස්වාමීනි, එය නොවේමැයි.,

’’මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, }€“ , ස්වාමීනි, එසේය.,

’’මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයක් වේයයි, වදාළේය.