සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

16. නන්‍දික්ඛය වර්‍ගය

2. නන්‍දික්ඛය සූත්‍රය. (2)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම රූපයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ශබ්දයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ගන්‍ධයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම රසයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ස්පර්‍ශයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යව ධර්‍මයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේයයි, (වදාඝ සේක.)