සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

16. නන්‍දික්ඛය වර්‍ගය

1. නන්‍දිකඛය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ඇස අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම කණ අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම නාසය අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම දිව අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම කය අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම සිත අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. නන්‍දි රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාසේ මිදුනේයයි, කියනු ලැබේයයි, (වදාළ සේක.)