සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
16. නන්‍දික්ඛය වර්‍ගය
10. මිච්ඡාදිට්ඨි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.
’’ස්වාමීනි, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේදැයි?, කියායි. , මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. රූපය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. චකඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. චකඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ.
’’කණ අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ.
’’නාසය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ.
’’දිව අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ.
’’කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. කාය විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ.
’’සිත අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේයයි, (වදාළ සේක.)