සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
9. ඡන්න වර්‍ගය
3. සංඛිත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, එබඳු ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දේශනා කරන්නේනම් මැනවැයි, කියායි.
’’ආනන්‍දය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන සවභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,
’’රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’සවාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි., ,චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක් වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන සවභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ආනන්‍දය, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,
’’ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි., ,සෝත සමඵසසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’ යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ආනන්‍දය, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,
’’ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි., ,ඝාණ විඤඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ආනන්‍දය, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය., ,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,
’’රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’්සවාමීනි, අනිත්‍යයහ.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ ජිව්හා සමඵසසය හේතුකොටගෙන සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’සවාමීනි, අනිත්‍යය., , යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’සවාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ආනන්‍දය, කය නිත්‍ය හෝ අනාත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,
’’ස්පර්‍ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය., ,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’කාය සමඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’ආනන්‍දය, සිත නිත්‍ය හෝ අනාත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,
’’ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි., ,මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’මනෝ සමඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,
’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි, රූපය කෙරෙහිද කලකිරෙයි, චකඛු විඤඤාණය කෙරෙහිද කලකිරෙයි, චකඛු සමඵසසය කෙරෙහිද කලකිරෙයි, චකඛු සමඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
’’කණ කෙරෙහිද කලකිරෙයි, ශබ්දය කෙරෙහිද කලකිරෙයි, සෝත විඤඤාණය කෙරෙහිද කලකිරෙයි, සෝත සමඵසසය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
’’නාසය කෙරෙහිද කලකිරෙයි, ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි, ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
’’දිව කෙරෙහිද කලකිරෙයි, රසය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
’’කය කෙරෙහිද කලකිරෙයි, ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි, කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
’’සිත කෙරෙහිද කලකිරෙයි, ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි, මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වෙයි. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි., භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරණු ලබන කල්හි ඒ භික්‍ෂූහුගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුණේයයි වදාළ සේක’’