සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
9. ඡන්න වර්‍ගය
7. ඒජා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ‘කලන්‍දක නිවාප’ නම්ලත් වේළු (උණ) වනයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, තෘෂ්ණාව ලෙඩකි. තෘෂ්ණාව ගඞකි. තෘෂ්ණාව හුලකි. මහණෙනි, එහෙයින් තථාගත තෙම මෙහිලා තෘෂ්ණා රහිතව පහ කරණ ලද තෘෂ්ණා හුල් ඇතිව වාසය කරනු කැමැත්තේ නම් ඇස මමයයි නොහඟින්නේය. ඇස කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඇස කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඇස මාගේයයි නොහඟින්නේය. රුපයන් මමයයි නොහඟින්නේය. රූප කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රූපය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රූපය මාගේයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චකඛු සම්ඵසසය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චකඛු සම්ඵසසය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
කණ මමයයි නොහඟින්නේය. කණ කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කණ කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කණ මාගේයයි නොහඟින්නේය. ශබ්දයන් මමයයි නොහඟින්නේය. ශබ්දයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ශබ්දයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ශබ්දයන් මාගේයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය මමයයි නොහඟින්නේය. සෝත සම්ඵසසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සෝත සම්ඵසසය මාගේයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
නාසය මමයයි නොහඟින්නේය. නාසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. නාසය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. නාසය මාගේයයි නොහඟින්නේය. ගන්‍ධයන් මමයයි නොහඟින්නේය. ගන්‍ධයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ගන්‍ධයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ගන්‍ධයන් මාගේයයි නොහඟින්නේය. ඝාණ විඤඤාණය මමයයි නොහඟින්නේය. ඝාණ විඤඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඝාණ විඤඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඝාණ විඤඤාණය මාගේයයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය මමයයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය මාගේයයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
දිව මමයයි නොහඟින්නේය. දිව කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. දිව කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. දිව මාගේයයි නොහඟින්නේය. රසයන් මමයයි නොහඟින්නේය. රසයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රසයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රසයන් මාගේයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය මමයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵ්සසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵසසය මාගේයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
කය මමයයි නොහඟින්නේය. කය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කය මාගේයයි නොහඟින්නේය. ස්පර්‍ශයන් මමයයි නොහඟින්නේය. ස්පර්‍ශයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ස්පර්‍ශයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ස්පර්‍ශයන් මාගේයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
සිත මමයයි නොහඟින්නේය. සිත කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සිත කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සිත මාගේයයි නොහඟින්නේය. ධර්‍මයන් මමයයි නොහඟින්නේය. ධර්‍මයන් කෙරෙහි මා ඇතැයි නොහඟින් නේය. ධර්‍මයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ධර්‍මයන් මාගේයයි නොහඟින්නේය. මනෝ විඤඤාණය මමයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. මනෝ විඤඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය මමයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
’’හෙතෙම මෙසේ නොහඟින්නේ ලෝකයෙහි කිසිවකුත් මමය, මාගේයයි අල්වා නොගන්නේය, අල්වා නොගන්නේ නොඇලෙන්නේය, නොඇලෙන්නේ මේ ආත්මයෙහිම පිරිනිවෙන්නේය. ‘ජාතිය ක්‍ෂය විය බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. සතර මාර්‍ගයෙන් කළයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීයයි, වදාළ සේක.