සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

9. ඡන්න වර්‍ගය

6. බාහිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකළාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් සැකෙවින් දේශනා කරණ සේක්නම් මැනව, යනුයි.

’’බාහිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

’’රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’චකඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය., ,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’බාහිය, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

’’ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය., ,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’බාහිය, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන සවභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

’’ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන සවභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’ඝාණ විඤඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’බාහිය, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය., ,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

’’රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය., ,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’බාහිය, කය නිත්‍ය හෝ අනාත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

’’ස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’ යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය., ,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’කාය සමඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’බාහිය, සිත නිත්‍ය හෝ අනාත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

’’ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය., ,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’මනෝ සමඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

’’බාහිය, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි, රූපය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’කණ කෙරෙහිද කලකිරෙයි, ශබ්දය කෙරෙහිද කලකිරෙයි, සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’නාසය කෙරෙහිද කලකිරෙයි, ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි, ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵ්සසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’දිව කෙරෙහිද කලකිරෙයි, රසය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’කය කෙරෙහිද කලකිරෙයි, ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි, කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’සිත කෙරෙහිද කලකිරෙයි, ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි, මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වෙයි. ‘ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණියි., වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරව දක්වා ගියේය.

ඉක්බිති ආයුෂ්මත් බාහිය සථවිරතෙම එකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ත්‍ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කළේය. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි විශේෂයෙන් දැනගත්තේය. ආයුෂ්මත් බාහිය සථවිරතෙමේද රහතුන්ගෙන් එක්තරා නමක් වූයේයයි වදාළ සේක.