සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
3. මාතුගාම සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
2. මනාපා’මනාප සූත්‍රය. (2)
(මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පුරුෂයා ස්ත්‍රියට ඒකාන්තයෙන් අමනාප වේ. කවර පසකින්දයත්, රූමත් නොවේද, ධනවත් නොවේද, දුස්සීලද, අලසද, දරුවන් නොලබාද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ පුරුෂතෙම ස්ත්‍රියට ඒකාන්තයෙන් අමනාප වේ.
“මහණෙනි කරුණු පසකින් යුක්තවූ පුරුෂතෙම ස්ත්‍රියට ඒකාන්තයෙන් මනාප වේ. කවර පසකින්ද යත්, රූමත් වේද, ධනවත් වේද, සිල්වත් වේද, අලස නොවූයේ දක්ෂවේද, දරුවන් ලබාද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ පුරුෂතෙම ස්ත්‍රියට ඒකාන්තයෙන් මනාප වේ.