සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
4. ජම්බුඛාදක සංයුත්තය
10. තණ්හා සූත්‍රය
“ඇවැත්නි ශාරිපුත්‍රය, තණ්හාව තණ්හාවයයි කියනු ලැබේ. ඇවැත්නි, තණ්හාව කවරේද?”
“ඇවැත්නි, මේ තෘෂ්ණා තුනකි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුනයි. ඇවැත්නි, මේ ත්‍රිවිධ තෘෂ්ණාවෝය.
“ඇවැත්නි, මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇද්ද, ප්‍රතිපදාවක් ඇද්ද?
“මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත්තේය, ප්‍රතිපදාවක් ඇත්තේය.”
“මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගය කවරේද ප්‍රතිපදාව කවරේද?”
“ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස වේ. ඇවැත්නි, තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි.”
“ඇවැත්නි, මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත්නි, ශාරිපුත්‍රය අප්‍රමාදයටද සුදුසුය.”