සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
4. ජම්බුඛාදක සංයුත්තය
9. අවිජ්ජා සූත්‍රය
“ඇවැත් ශාරීපුත්‍රය, අවිද්‍යාව අවිද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව කවරීද, ඇවැත්නි, යම් දුකෙහි නොදැනීමක් වේද, දුකට හේතුවෙහි යම් නොදැනීමක් වේද? දුක් නැතිකිරීමෙහි යම් නොදැනීමක් ඇද්ද, දුක් නැති කරන මාර්ගයෙහි යම් නොදැනීමක් වේද, ඇවැත්නි, මේ අවිද්‍යාවයි.”
“ඇවැත්නි, මේ අවිද්‍යාවගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, මේ අවිද්‍යාවගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත.”
“අවැත්නි, මේ අවිද්‍යාවගේ ප්‍රහාණය පිණිස ඇති මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”
“ඇවැත්නි, මේ අවිද්‍යාවගේ ප්‍රහාණය පිණිස යම් මේ සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ක මාර්ගය වෙයි. මේ අවිද්‍යාවගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගයයි. මේ ප්‍රතිපදාවයි.”
“ඇවැත්නි, මේ අවිද්‍යාවගේ ප්‍රහාණයට යහපත් මාර්ගයකි, යහපත් ප්‍රතිපදාවකි, ඇවැත් ශාරීපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”