සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
4. ජම්බුඛාදක සංයුත්තය
11. ඕඝ සූත්‍රය
“ඇවැත්නි, ශාරිපුත්‍රය, ඕඝය (සැඩපහර) ඕඝයයි කියනු ලැබේ. ඇවැත්නි ඕඝය කවරේද?”
“ඇවැත්නි, කාම ඕඝ, භව ඕඝ දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ යන මේ ඕඝ සතරකි. ඇවැත්නි, මොවුහු සතර ඕඝයෝය.”
“ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත්තේය ප්‍රතිපදාවක් ඇත්තේය.”
“ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගය කවරේද? ප්‍රතිපදාව කවරේද?”
“ඇවැත්නි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස වෙයි. ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි ප්‍රතිපදාව වෙයි. ඇවැත්නි, “මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත්නි, ශාරිපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”