සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
4. ජම්බුඛාදක සංයුත්තය
8. ආසව සූත්‍රය
“ඇවැත්නි, ශාරිපුත්‍රය, ආශ්‍රවය ආශ්‍රවයයි කියනු ලැබේ ඇවැත්නි, ආශ්‍රවය කවරේද?”
“ඇවැත්නි, කාමාශ්‍රවය, භවාශ්‍රවය, අවිද්‍යාශ්‍රවයයි මේ ආශ්‍රවයෝ තිදෙනෙකි. ඇවැත්නි, මොවුහු වනාහි ආශ්‍රවයෝයි.
“ඇවැත්නි, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇද්ද, ප්‍රතිපදාවක් ඇද්ද?”
“ඇවැත්නි, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.”
“ඇවැත්නි, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”
“ඇවැත්නි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස වේ. ඇවැත්නි, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.”
“ඇවැත්නි, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණයට යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත්නි, ශාරීපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”