සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

9. අසංඛත සංයුත්තය

2. දෙවෙනි වර්ගය

3–32. අනාසව ආදී සූත්‍ර

(එසේම අනාසව, සච්ච, පාර, නිපුණ, සුදුද්දස, අජර, ධුව, අපලොකිත, අනිදස්සන, නිප්පපඤ්ච, සතත, අමත, පණීත සිව, ඛෙම, තණ්හක්ඛය, අච්ඡරිය, අබ්භුත, අනීතික, අනීතිකධම්ම, නිබ්බාණ, අබ්‍යාපජ්ඣ, විරාග, සුද්ධි, මුත්ති, අනාලය, දීපාලෙණ, තාණ, සරණ සහ පරායණ යන නම් යොදාගැනීමෙන් වෙන වෙන සූත්‍ර 56 බැගින් සෑදේ.)

101 - 157. අනාසව සූත්‍ර.

“මහණෙනි, තොපට ආශ්‍රවයන්ගේ කෙළවර කිරීමද දෙශනා කරන්නෙමි. ආශ්‍රවයන් කෙළවර කිරීමේ මාර්ගයද දෙශනා කරන්නෙමි.

158 - 213. සච්ච සූත්‍රය.

“මහණෙනි, තොපට සත්‍යයද දෙශනා කරන්නෙමි. සත්‍යයට පැමිණෙන මාර්ගයද දෙශනා කරන්නෙමි.

214 - 269. පාර සූත්‍ර.

“මහණෙනි, තොපට පරතෙරද පරතෙරට යන මාර්ගයද දෙශනා කරන්නෙමි.

270 - 325. නිපුණ සූත්‍ර.

“මහණෙනි, තොපට සියුම් ධර්මයද, දෙශනා කරන්නෙමි. සියුම් ධර්මයට පැමිණෙන මාර්ගයද, දෙශනා කරන්නෙමි.

326 - 381. සුදුද්දස සූත්‍ර.

“මහණෙනි, තොපට දැකීමට දුෂ්කර ධර්මයද, දෙශනා කරන්නෙමි. දැකීමට දුෂ්කර ධර්මයට පැමිණෙන මාර්ගයද දෙශනා කරන්නෙමි.

382 - 437. අජර සූත්‍ර.

මහණෙනි, තොපට ජරාවක් ඇති ධර්මයද දෙශනා කරන්නෙමි. ජරාවක් නැති ධර්මයට පැමිණෙන මාර්ගයද දෙශනා කරන්නෙමි.

438 - 493. ධුව සූත්‍ර.

“මහණෙනි, තොපට නිත්‍යභාවයද, දෙශනා කරන්නෙමි. නිත්‍ය ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙශනා කරන්නෙමි.

494 - 549. අපලොකිත සූත්‍ර.

“මහණෙනි, තොපට විනාශ නොවන ස්වභාවයද, දෙශනා කරන්නෙමි. විනාශ නොවන ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙශනා කරන්නෙමි.

550 - 605. අනිදස්සන සූත්‍ර.

“මහණෙනි, තොපට ඇසින් නොදැක්කහැකි ස්වභාවයද දෙශනා කරන්නෙමි. ඇසින් නොදැක්කහැකි ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

606 - 661. නිප්පපඤ්ච සූත්‍රය.

“මහණෙනි තොපට (තෘෂ්ණා දෘෂ්ටි මාන) යන ප්‍රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනාවූ ස්වභාවයද දෙශනා කරන්නෙමි. ප්‍රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනු ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

662 - 717. සන්ත සූත්‍ර.

“මහණෙනි, මම තොපට ශාන්ත ස්වභාවයද දෙශනා කරන්නෙමි. ශාන්තතත්ත්වයට පැමිණෙන මගද දෙසන්නෙමි.

718 - 773. අමත සූත්‍ර.

“මහණෙනි, මම තොපට නොමැරෙන ස්වභාවයක්ද දෙශනා කරන්නෙමි. නොමැරෙන ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

774 - 829. පණීත සූත්‍ර.

“මහණෙනි, මම තොපට ප්‍රණීත ධර්මයද දෙශනා කරන්නෙමි. ප්‍රණීත ධර්මයට පැමිණෙන මගද දෙසන්නෙමි.

830 - 885. සිව සූත්‍ර.

“මහණෙනි, මම තොපට නිර්භය ස්ථානයද දෙශනා කරන්නෙමි. නිර්භය ස්ථානයට පැමිණෙන මාර්ගයද දෙශනා කරන්නෙමි.

886 - 941. ඛෙම සූත්‍ර.

“මහණෙනි මම තොපට ක්ෂෙම ස්ථානයද, දෙශනාකරන්නෙමි. ක්ෂෙම ස්ථානයට පැමිණෙන මගද දෙසන්නෙමි.

942 - 997. තණ්හක්ඛය සූත්‍ර.

“මහණෙනි, මම තොපට තෘෂ්ණාව ක්ෂය කිරීමද දෙසන්නෙමි. තෘෂ්ණාව ක්ෂය කිරීමට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

998 - 1053 අච්ඡරිය සූත්‍ර.

“මහණෙනි, මම තොපට ආශ්චර්යයද දෙශනා කරන්නෙමි. ආශ්චර්ය ධර්මයට පැමිණෙන මගද දෙසන්නෙමි.

1054- - 1109. අබ්භූත සූත්‍ර.

“මහණෙනි, මම තොපට හටගැන්මක් නැති ස්වභාවයද දෙසන්නෙමි. හටගැනීමක් නැති ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

1110 - 1165. අනීතික සූත්‍ර.

“මහණෙනි, තොපට දුක් නැති තැනද දෙසන්නෙමි. දුක් නැති තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

1166 - 1221. අනීතිකධම්ම සූත්‍ර.

“මහණෙනි, මම තොපට දුක් නැති ස්වභාවයද දෙසන්නෙමි. දුක් නැති ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

1222 - 1277. නිබ්බාණ සූත්‍ර.

“මහණෙනි, මම තොපට නිර්වාණයද නිර්වාණයට පැමිණෙන මගද දෙසන්නෙමි.

1278 - 1333. අබ්‍යාපජ්ඣ සූත්‍ර

“මහණෙනි, මම තොපට පීඩා නැති තැනද දෙශනා කරන්නෙමි. පීඩා නැති තැනට පැමිණෙන මගද දෙසන්නෙමි.

1334 - 1389. විරාග සූත්‍ර.

“මහණෙනි, මම තොපට රාගයෙන් පහවූ තැනද දෙශනා කරන්නෙමි. රාගය පහවූ තැනට පැමිණෙන මාර්ගයද දෙශනා කරන්නෙමි.

1390 - 1445. සුද්ධි සූත්‍ර

“මහණෙනි මම තොපට පිරිසිදු තැනද දෙශනා කරන්නෙමි. පිරිසිදු තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

1466 - 1501. මුත්ති සූත්‍ර.

“මහණෙනි, මම තොපට දුකින් මිදුණු තැනද දෙශනා කරන්නෙමි. දුකින් මිදුණු තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

1502 - 1557. අනාලය සූත්‍ර

“මහණෙනි, මම තොපට ආලය රහිත ධර්මයද දෙශනා කරන්නෙමි. ආලය රහිත ධර්මයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

1558 - 1612. දීප සූත්‍ර

“මහණෙනි, මම තොපට පිහිටවූ ධර්මයද දෙශනා කරන්නෙමි. පිහිටවූ ධර්මයට පැමිණෙන මගද දෙසන්නෙමි.

1614 - 1669. ලෙණ සූත්‍ර

“මහණෙනි, මම තොපට සැඟවෙන නියාද දෙශනා කරන්නෙමි. සැඟවෙන තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

1670 - 1725. තාණ සූත්‍ර

“මහණෙනි, මම තොපට ආරක්ෂක ස්ථානයද දෙශනා කරන්නෙමි. ආරක්ෂක ස්ථානයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.

1726 - 1781 සරණ සූත්‍ර

“මහණෙනි, මම තොපට භය නැති කිරීමද, භය නැති කරන මාර්ගයද දේශනා කරන්නෙමි.