සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

9. අසංඛත සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

3. සචිතක්ක සවිචාර සූත්‍රය

“මහණෙනි, අසංඛතගාමි මාර්ගය කවරේද? විතර්ක සහිත විචාර සහිත සමාධියද අවිතර්ක විචාරමාත්‍ර සමාධියද අවිතර්ක අවිචාර සමාධියද, යන මේ මහණෙනි, අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.