සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
2. විහාර වර්ගය
2. තෙමාස පටිසල්ලාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළසේක.
“මහණෙනි, මම තෙමසක් හුදකලාව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන එක් භික්ෂුවක් හැර කිසිවෙක් නොපැමිණිය යුතුයි.” ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනියි” කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දී පිණ්ඩපාතය ගෙන යන එක භික්ෂුවක් හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා නොපැමිණෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තුන් මස ඇවෑමෙන් හුදකලා වාසයෙන් වෙන්වූයේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ප්‍රථමාසම්බොධිය ඇති (බුදුවී පළමුවන එකුන් පනස් දින ඇතුළත) ඒ මම යම් ධර්මයක් මෙනෙහි කරමින් විසුයෙම්ද ඒ ධර්ම අතුරෙන් වේදනා සංඛ්‍යාත එක්තරා ධර්මයක් මෙනෙහි කරමින් විසුයෙමි.
“ඒ මම මෙසේ දැනගතිමි. මිථ්‍යාදෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාවද දැනගතිමි. මිථ්‍යාදෘෂ්ටිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් දෘෂ්ටිය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් දෘෂ්ටිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සංකල්පය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සංකල්පය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සංකල්පය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සංකල්පය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා වචනය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා වචනය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් වචනය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් වචනය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා කර්මාන්තය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා කර්මාන්තය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් කර්මාන්තය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් කර්මාන්තය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා ආජීවය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා ආජීවය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් ආජීවය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් ආජීවය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා ව්‍යායාමය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා ව්‍යායාමය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි, සම්‍යක් ව්‍යායාමය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් ව්‍යායාමය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සතිය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සතිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සතිය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සතිය සංඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සමාධිය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සමාධිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සමාධිය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සමාධිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
“ඡන්දය නිසා උපදින වේදනාවද දැනගතිමි. ඡන්දය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. විතර්කය නිසා උපදින වේදනාවද දැනගතිමි. විතර්කය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සංඥාව නිසා උපදින වේදනාවද දැන ගතිමි. සංඥාව සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. ඡන්දයද නොසන්සිඳුනේ වෙයි. විතර්කයෝද නොසන්සිඳුනාහු වෙත්, සංඥාවෝද නොසන්සිඳුනාහු වෙත්, ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි.
“ඡන්දයද සංසිඳුනේ වෙයි, විතර්කයෝද නොසන්සිඳුනාහු වෙත්, සංඥාවෝද නොසන්සිඳුනාහු වෙත්, ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි. ඡන්දයද සංසිඳුනේ වෙයි, විතර්කයෝද සංසිඳුනාහු වෙත්. සංඥාවෝද නොසන්සිඳුනාහු වෙත්, ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි.
“ඡන්දයද සංසිඳුනේ වෙයි, විතර්කයෝද සංසිඳුනාහු වෙත්, සංඥාවෝද සංසිඳුනාහු වෙත්, ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි. නොපැමිණි අර්හත් ඵලයට පැමිණීම පිණිස උත්සාහය ඇත. ඒ අර්හත් ඵලයට කරුණු නොපැමිණි කල්හි ඒ නිසා උපදින හේතුවද දැනගතිමි.