සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

6. බලකරණීය වර්ගය

6. සූක සූත්‍රය

“යම්සේ මහණෙනි, මනාව කෙළින් තැබූ හැල් වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් අතින් ඇල්ලුකල හෝ පයින් පෑගු කල අත හෝ පය කැපෙයි. ලේ හෝ ගලයි යන මේ කාරණය විද්‍යමාන වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, නණ්ඩුව මනාකොට තබනලද හෙයිනි. එමෙන්ම වනාහි ඒකාන්තයෙන් ඒ මහණතෙම මනාකොට තබනලද දෘෂ්ටියෙන් මනාකොට තබනලද මාර්ග භාවනාවෙන් අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවයි. නිවන ප්‍රත්‍යක්ෂ කරයි යන මේ කාරණය විද්‍යමානයි. ඊට හේතු කවරේද යත්. මහණෙනි, දෘෂ්ටිය මනාකොට තබනලද හෙයිනි. මහණෙනි, මනාකොට පිහිටුවන ලද දෘෂ්ටියෙන් මනාකොට පිහිටුවනලද මාර්ග භාවනාවෙන් මහණතෙම කෙසේ අවිද්‍යාව සිඳීද? විද්‍යාව උපදවයිද? නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)

“මහණෙනි, මෙසේ වනාහි මහණතෙම මනාකොට පිහිටුවනලද දෘෂ්ටියෙන් මනාකොට පිහිටුවන මාර්ග භාවනාවෙන් අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවයි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේයයි” වදාළසේක.