සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

6. බලකරණීය වර්ගය

5. කුම්භ සූත්‍රය

“යම්සේ මහණෙනි, යටිකුරුකල කළය ජලය වගුරුවයි. එහි ජලය නොරඳයි. මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ලාමක අකුසල ධර්මයන් වමාරයි. ඒ අකුසල ධර්මයන් නොරඳයි. මහණෙනි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ ලාමක අකුසල ධර්මයන් වමාරාද, ලාමක අකුසල ධර්මයන් නොරඳාද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහී මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ලාමක අකුසල ධර්මයන් වමාරයි. ලාමක අකුසල ධර්මයන් නොරඳායයි” වදාළසේක.