සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
6. සූරිය පෙය්‍යාල වර්ගය
2–6. සීල පුබ්බංගම ආදී සූත්‍ර පහ
2. සීල පුබ්බංගම සූත්‍රය
“මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද එය උදාවන සූර්යයාට පූර්වංගමවේ පූර්ව නිමිත්තවේ. මහණෙනි, යම් ඒ සීල සම්පත්තියක්වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උදාවන්නාවූ මහණහට පූර්වංගම වේ. පූර්වනිමිත්ත වේ. මහණෙනි, සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහි සීල සම්පත්තියෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි වදාළසේක.
3. ඡන්දපුබ්බංගම සූත්‍රය
“මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ ඡන්ද සම්පත්තියක්වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ මහණහට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි ඡන්දසම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමති වියයුතුයි මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද?
(මේ ඡෙදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහි ඡන්දසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
4. අත්තපුබ්බංගම සූත්‍රය
“මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් ඒ චිත්ත සම්පත්තියක් වේද? එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ මහණහට පූර්වංගම වේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුය. මහණෙනි, චිත්තසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද,
(මේ ඡෙදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, මෙසේ වනාහී මහණතෙම චිත්ත සම්පත්තියෙන් යුක්තවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
5. දිට්ඨිපුබ්බංගම සූත්‍රය
“මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ ඤාණසම්පත්තියක් වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ මහණහට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නේය, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත උපදවන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද,
(මේ ඡෙදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහී ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි වදාළසේක.
6. අප්පමාද පුබ්බංගම සූත්‍රය
“මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගමවේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ අප්‍රමාදසම්පත්තියක්වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ මහණහට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත උපදවයි යන මෙය කැමති වියයුතුයි. මහණෙනි, අප්‍රමාදසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවයිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත උපදවයිද,
(මේ ඡෙදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහි අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.