සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

6. සූරිය පෙය්‍යාල වර්ගය

7. යොනිසොමනසිකාර පුබ්බංගම සූත්‍රය

“මහණෙනි, යම් ඒ අරුණොදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගමය පූර්වනිමිත්තය. මහණෙනි, එමෙන්ම යම් ඒ උපායමනසිකාරයක් වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ මහණහට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, උපාය මනසිකාරයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?

(මේ ඡෙදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහී උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.

සූරියපෙය්‍යාලවග්ගො ඡට්ඨො.