සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
2. ගිලාන වර්ගය
2. සුරියොපම සූත්‍රය. (1)
(2, 3 වෙනි සූත්‍ර මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දෙශනා කරනලදී.)
“මහණෙනි, යම් මේ අරුණෝද්ගමණයක් වේද, එය උදාවන සූර්යයාට පූර්වාංගම වෙයි. පූර්වනිමිත්ත වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුවගේ යම් ඒ කල්‍යාණ මිත්‍රයන් ඇති බවක් වේද එය සප්ත බොධ්‍යංගයන්ගේ ඉපදීමට පූර්වංගම වෙයි, පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුව තමා සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් බහුල කරන්නේය යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, කෙසේ නම් කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයිද, සප්ත බොධ්‍යංගයන් බහුල කරයිද?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් බහුල කරන්නේයයි” වදාළේය.