සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
2. ගිලාන වර්ගය
3. දුතිය සුරියොපම සූත්‍රය
“මහණෙනි, යම් මේ අරුණොදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමය, පූර්ව නිමිත්තය මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුවගේ යම් මේ නුවණින් මෙනෙහි කිරීමක්වේද, එය සප්තබොධ්‍යංගයන් ඉපදීම පිණිස පූර්වංගමය, පූර්වනිමිත්තය මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ භික්ෂුව තමා සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්තබොධ්‍යංගයන් බහුල කරන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩයිද? සප්තබොධ්‍යංගයන් බහුල කරයිද?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්තබොධ්‍යංගයන් බහුල කරන්නේ යයි” වදාළසේක.