සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
4. සුඛින්ද්‍රිය වර්ගය
5. දුතිය වෙදනින්ද්‍රිය සූත්‍රය
[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය දොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සුඛින්ද්‍රිය නොදනිත්ද, සුඛින්ද්‍රිය හේතුව නොදනිත්ද, සුඛින්ද්‍රිය නිරෝධය නොදනිත්ද, සුඛින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, දුක්ඛින්ද්‍රිය නොදනිත්ද, දුක්ඛින්ද්‍රිය හෙතුව නොදනිත්ද, දුක්ඛින්ද්‍රිය නිරොධය නොදනිත්ද, දුක්ඛින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, සොමනස්සින්ද්‍රිය නොදනිත්ද, සොමනස්සින්ද්‍රිය හෙතුව නොදනිත්ද, සොමනස්සින්ද්‍රිය නිරොධය නොදනිත්ද, සොමනස්සින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය හෙතුව නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය නිරොධය නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නොදනිත්ද, උපෙක්ඛින්ද්‍රිය හෙතුව නොදනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නිරෝධය නොදනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්
[3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සුඛින්ද්‍රිය දනිත්ද, සුඛින්ද්‍රිය හෙතුව දනිත්ද, සුඛින්ද්‍රිය නිරොධය දනිත්ද, සුඛින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, දුක්ඛින්ද්‍රිය දනිත්ද, දුක්ඛින්ද්‍රිය හෙතුව දනිත්ද, දුක්ඛින්ද්‍රිය නිරොධය දනිත්ද, දුක්ඛින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, සොමනස්සින්ද්‍රිය නිරොධය දනිත්ද, සොමනස්සින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, දොමනස්සින්ද්‍රිය දනිත්ද, දොම්නස්සින්ද්‍රිය හෙතුව දනිත්ද, දොමනස්සින්ද්‍රිය නිරොධය දනිත්ද දොමනස්සින්ද්‍රිය නිරොධගාමිනි ප්‍රතිපදාව දනිත්ද, උපෙක්ඛින්ද්‍රිය දනිත්ද උපෙක්ඛින්ද්‍රිය හෙතුව දනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නිරොධය දනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නිරොධගාමිනි ප්‍රතිපදාව දනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශේෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.”