සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

6. ඡට්ඨ වර්ගය

9. පඨම ඉන්ද්‍රිය උප්පාද සූත්‍රය

[1] (මේ ඡෙදය මේ වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)

[2] “මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ නූපන් පඤ්චෙන්ද්‍රියයෝ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් හැර නූපදිත්.

[3] ‘කවර පසක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය යනුයි. මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරනලද්දාවූ නූපන් පඤ්ච ඉන්ද්‍රියයෝ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් හැර නූපදිත්.