සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
6. ඡට්ඨ වර්ගය
10. දුතිය ඉන්ද්‍රිය උප්පාද සූත්‍රය
[1] (මේ ඡෙදය මේ වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
[2] “මහණෙනි, සුගත විනයෙහි අන්තැනෙක වඩනා ලද්දාවූ
බහුල කරන ලද්දාවූ නූපන්නාවූ මේ පඤ්ච ඉන්ද්‍රියයෝ නූපදිත්.
[3] කවර පසක්ද, සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය, යනුයි. මහණෙනි, සුගත විනය හැර අන්තැනෙක වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන් පඤ්ච ඉන්ද්‍රියයෝ නූපදිත්.
සූකරඛතවග්ගො ඡට්ඨො.