සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

7. බොධිපක්ඛිය වර්ගය

2. අනුස්සයමුග්ඝාත සූත්‍රය

[1] (මේ වර්ගයේ 1 ඡෙද සියල්ලම මෙහි 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)

[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්ච ඉන්ද්‍රියයෝ අනුසය නැසීම පිණිස පවතිත්.

[3] “කවර පසක්ද යත්? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි.

“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ පඤ්චෙන්ද්‍රියයෝ සංයෝජනයන් පහකිරීම පිණිස පවතිත්.”