සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
7. බොධිපක්ඛිය වර්ගය
10. කූටසිම්බලී සූත්‍රය
[2] “මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද, කූටසිම්බලී වෘක්ෂය ඔවුන්ගෙන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබොධය පිණිස පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ.
[3] “මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? මහණෙනි, සද්ධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී.
“විරියින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී. සද්ධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී. සමාධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබොධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී.
[4] ‘මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද ඔවුන්ගෙන් කූටසිම්බලී වෘක්ෂය අග්‍රවේ. එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබොධය පිණිස පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ” යනුයි.
බොධිපක්ඛියවග්ගො සත්තමො.