සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

2. පාසාද කම්පන වර්ගය

6. මහිද්ධික සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)

“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වූහ. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්. කවර සතරක්ද යත්.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද,

“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඍද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝවූහ. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුද, ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධිපාද ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්. ඒ සියල්ලෝ මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ වූහ.”