සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
2. පාසාද කම්පන වර්ගය
7. ඉද්ධිවිධ සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි)
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉර්ධි විධි වැළඳුවාහුද එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. ඒ සියලුදෙන මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධිවිධි වළඳන්නාහුය. එක් කෙනෙක්වී බොහෝ දෙනෙක් වන්නාහුයි බොහෝදෙනෙක් වී එකෙක් වන්නේය. අහසෙහි මෙන් ප්‍රකට බවට මුවහ බවට බිත්තියෙන් පිටතට පවුරෙන් පිටතට පර්වතයෙන් හරහට නොගැටී යන්නාහුය. ජලයේ මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරන්නාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යන්නාහුය. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් යන්නාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය. පිරිමදින්නාහුය. බඹ ලොව තෙක් කයින් වසඟ බව පවත් වන්නාහුය. ඒ සියලුදෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ කරත්.
“මහණෙනි, මේ කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධිවිධි වළඳන්නාහුය. එකෙක්ව බොහෝ දෙනෙක් වෙත් බොහෝ දෙනෙක්වී එකෙක් වෙයි. අහසෙහි මෙන් ප්‍රකට බවට මුවහ බවට බිත්තියෙන් පිට පවුරෙන් පිට පර්වතයෙන් පිට හරහට නොගැටී යති. ජලයේ මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කරත්. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යත්. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් යත්. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය. පිරිමදින්නාහුය. බඹලොව තෙක් කයින් වසඟෙහි පවත්වති. ඒ සියලුදෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවිනුත් එසේ වෙත්.
“කවර සතරක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන යෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විරිය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීමංසය අධිපති කොට ඇති සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධි විධි වැළඳුවාහුද එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිදෙමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. ඒ සියලු දෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ කරත්.
“මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධි විධි වළඳන්නාහුය. එක් කෙනෙක්වී බොහෝ දෙනෙක් වන්නාහුය. බොහෝදෙනෙක් වී එකෙක් වන්නේය. අහසෙහි මෙන් ප්‍රකට බවට මුවහ බවට බිත්තියෙන් පිටතට පවුරෙන් පිටතට පර්වතයෙන් පිටතට නොගැටී යන්නාහුය. ජලයේ මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරන්නාහුය. පොළොවෙහි මෙන් ජලයෙහිද දිය නොබිඳිමින් යන්නාහුය. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් යන්නාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය පිරිමදින්නාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පවත්වන්නාහුය. ඒ සියලුදෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ කරත්.
“මහණෙනි, මේ කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධිවිධි වළඳන්නාහුය. එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්වී එකෙක් වෙයි. අහසෙහි මෙන් ප්‍රකට බවට මුවහ බවට බිත්තියෙන් පිට පවුරෙන් පිට පර්වතයෙන් පිට නොගැටී යති. ජලයේ මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කරත්. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යත්. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් යත්. මහත්, ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනා පවා අතින ස්පර්ශ කරන්නාහුය. පිරිමදින්නාහුය. බඹලොව වසඟෙහි පවත්වති. ඒ සියලු දෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවිනුත් එසේ වෙත්.