සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
3. අයොගුළ වර්ගය
9. දුතිය සම්බහුල භික්ඛු සූත්‍රය
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට මෙය කීවාහුය. ස්වාමීනි, ඉද්ධි යනු කවරේද? ඉද්ධිපාදය කවරේද? ඉද්ධිපාද වැඩීම කවරේද? ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද?” කියායි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මෙ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයි කියනු ලැබේ.
(මේ ඡෙද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 4, 5, 6 වෙනි ඡෙද මෙන් වේ.)