සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

1. චාපාල වර්ගය

4. නිබ්බිදා ඉද්ධි සූත්‍රය

“මහණෙනි, වඩනලද්දාවූ බහුලකරනලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නො ඇලීම පිණිස දුක් නිරුද්ධ කිරීම පිණිස සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනීම පිණිස මනාකොට අවබොධය පිණිස නිවීම පිණිස පවතිත්.

“කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.

“වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.

“සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.

“විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස දුක් නිරෝධ කිරීම පිණිස සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනීම පිණිස මනා අවබොධය පිණිස නිවීම පිණිස පවතිත්.”