ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
2. සිහාසන දායක වග්ග
8. රට්ඨපාල ථෙරාපදානය
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට (නගුළිස් පමණවූ) විශාල දළ ඇති, රාජාරහ (රජුට සුදුසුවූ) ඇත් කඳෙහි ඔසවන ලද ශ්වෙතච්ඡත්‍ර යෙන් ශෝභමානවූ, හස්ත්‍යාලංකාර සහිතවූ, ඇත්ගොව්වෙකු සහිතවූ, උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී.
’’මම සූපණස් දහසක් ප්‍රාසාදයන්ද, කරවීමි. මහ දනක් (පිළියෙලකොට) මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.
’’මහාවීරවූ, සියල්ල තෙමේම දැන වදාළාවූ, අග්‍ර පුද්ගලවූ, බුදුරජාණන් වහන්සේ සියලු ජනයන් සතුටු කරවමින් අමෘතපදය (නිර්‍වාණ ධර්‍මය) දෙසු සේක.
’’පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක. භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් දේශනා කළ සේක.
’’මෙතෙම සිව් පණස් දහසක් ප්‍රාසාදයන් කරවීය. (එහි) විපාකය කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
’’අටළොස් දහසක් කූටාගාරයෝ වන්නාහුය. උතුම් විමණෙහි පහළවූ ඒ (කූටාගාරයෝ) ස්වර්‍ණමයහ.
’’ශක්‍ර දේවේන්‍ද්‍රව පණස්වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. අට පණස් වරක් සක්විති රජ වන්නේය.
’’මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
’’කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් චුතව, එකෙණෙහි ආඪ්‍යවූ, මහත් භෝග ඇති කුලයක උපදින්නේය.
’’කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ, හෙතෙම පසුව පැවිදිව නම්න් රට්ඨපාලයයි ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
’’වීර්‍ය්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ, උපශාන්තවූ, උපධි රහිතවූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේයයි වදාළ සේක.
’’උත්‍ථාන වීර්‍ය්‍යයෙන් නැගිට අභිනිෂ්ක්‍රමණයකොට, කෙළ පිඩු මෙන් භෝග සම්පත් තොමෝ හරනා ලද්දී මාගේ (ඒ) භෝග සම්පත්තියෙහි ඇලීමක් නැත.
’’යෝගක්‍ෂෙම නම් නිවණට පමුණුවන ධුර වාහකයා (ගැල්බර උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යයයි. (මම මේ) සර්‍වඥ සාසනයෙහි අන්තිම ශරීරය දරමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
රට්ඨපාලත්ථෙරස්සාපදානං අට්ඨමං.