ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
3. සුභූති වග්ග
6. ධූපදායක ථෙරාපදානය
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේගේ (ගන්‍ධ කුටියට) පැහැදුණු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳකිළියට සුවඳ දුමක්) දෙන ලදී.
’’යම් පින්කමක් කරණකොටගෙන දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් භවයක උපදිම් නම් සියළු දෙනාටම ප්‍රිය වෙමි. සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.
’’මින් සිව් අනුවන කපෙහිවූ එකල්හි යම් සුවඳ (දුම් දනක් දුනිම්ද) (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධූපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ධූපදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.