ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
3. සුභූති වග්ග
7. පුලින පූජක ථෙරාපදානය
’’විපස්සි බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ බොධි දාම්මූලයෙහි පරණ වැලි අස්කොට පිරිසිදු (අළුත්) වැලි විසිරවීමි.
’’මින් එක් අනූවන කපෙහි මම යම් වැලි (විසිරවීමේ) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මෙය වාලුකා (වැලි) දානයාගේ විපාකයයි.
’’මින් තෙපණස්වන කපෙහි ජනයා අභිභවනය කරන්නාවූ මහත් බල ඇති ’’මහා පුලින’’ නම්වු සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුලිනපූජකත්ථෙරස්සාපදානං සත්තමං.