ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
3. සුභූති වග්ග
9. එකඤ්ජලික ථෙරාපදානය
’’(අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නාවූ (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) ශ්‍රේෂඨ සාර්ත්‍ථ වාහකයෙකුවූ, මනුෂ්‍ය වීරයෙකුවූ (සත්ත්‍වයා නිවන් පුරයට පමුණුවන බැවින්) විනායකවූ නොදැමුණු අය දමනය කරන්නාවූ, තාදී ගුණ ඇති, මහා වාදීවූ, මහා ප්‍රාඥවූ, ස්වර්‍ණවර්‍ණවූ විපස්සි බුදුරජාණන් වහන්සේ දැක මම පැහැදුණේ, සොම්නස් සිත් ඇත්තේ දෑත් එක්කොට ඇඳිලි කෙළෙමි.
’’මින් එක් අනූවන කපෙහිවූ එකල්හි (විපස්සී බුදුරජුන්හට) යම් ඇඳිලි බැඳීමක් (වැඳීමක්) කෙළෙම්ද (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. අඤ්ජලී කර්‍මයාගේ මේ විපාකයයි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකඤ්ජලිකත්ථෙරස්සාපදානං නවමං.