ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

3. සුභූති වග්ග

10. ඛොමදායක ථෙරාපදානය

’’එකල්හි මම බන්ධුමතී නගරයෙහි වෙළෙන්දෙක් වීමි. එම වණික් කර්‍මයෙන්ම භාර්‍ය්‍යාව පෝෂණය කරමි. (දාන, ශීලාදී පුණ්‍ය) බීජ සම්පත්ද රෝපණය කරමි.

’’වීථියට පිළිපන් ශාස්තෘවූ විපස්සී බුදුරජාණන් වහන්සේට පින් පිණිස කොමු පිලියක් මා විසින් දෙන ලදී.

’’මින් එක් අනූවන කපෙහිවූ එකල්හි (මම) යම් කොමු පිළි දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කොමු පිළි දානයාගේ මේ විපාකයයි.

’’මින් සත් විසිවන කපෙහි සිව් මහ දිවයිනෙහි අධිපතිවූ සප්තරත්නයන්ගෙන් යුක්තවූ ’’සින්‍ධවසන්‍දන’’ නම් සක්විති රජකේ වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ඛොමදායකත්ථෙරස්සාපදානං දසමං.

සුභූතිවග්ගො තතියො.

සතරවෙනි බණ වරයි.