ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

4. කුණ්ඩධාන වග්ග

6. අධිමුත්තක ථෙරාපදානය

’’මනුෂ්‍යොත්තමවූ අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (මම) පැහැදුනු සිතින් යුතුව භික්‍ෂු සංඝයාට උපස්ථාන කෙළෙමි.

’’ඎජු ගුණයෙන් යුත්, එකඟ සිත් ඇති, සංඝරත්නය පවරා, උක්වලින් මඩුවක් කරවා, උතුම් සංඝයා වැළඳවීමි.

’’දිව්‍යයවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් සියළු සත්ත්‍වයන් අභිභවනය කරමි. මේ (එම) පුණ්‍ය කර්මයාගේ ඵලයයි.

’’කල්ප එක් දහස් අටසියයකට පෙරවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උක් දනෙහි මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිමුත්තක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අධිමුත්තත්ථෙරස්සාපදානං ඡට්ඨං.