ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

4. කුණ්ඩධාන වග්ග

7. ලසුනදායක ථෙරාපදානය

’’මම එකල්හි හිමවතට නුදුරු තන්හි තවුසෙක් වීමි. (රතු) ළුහුණු (ආහාර කොටගෙන) ජීවත් වෙමි. මාගේ භෝජනය ළුහුණුය.

’’මම (ළුහුණු) කදක් පුරවාගෙන සඞ්ඝාරාමයට ගියෙමි. සතුටුවූයේ සතුටු සිතින්ම සංඝයාට ළුහුණු දුනිමි.

’’මම විපස්සි නරශ්‍රෙෂ්ඨයන් (බුදුරජාණන්) වහන්සේගේ සසුනෙහි නිරතවු සංඝයාට ළුහුණු දී කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටුවීමි.

’’(මින්) එකානූවන කල්පයෙහිවූ එකල්හි (මම) යම් ළුහුණු දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ළුහුණු දානයාගේ මේ විපාකයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලසුනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ලසුණදායකත්ථෙරස්සාපදානං සත්තමං.