ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
1. බුද්ධ වග්ගය
4. මහා මොග්ගල්ලාන ථෙරාපදානය
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රෙෂ්ඨවූ, අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව හිමවතෙහි විසීය.
’’එකල්හි මම නම්න් වරුණ නම්වූ නාග රාජයෙක්වීමි. කැමති රූපයන් මවන සුළුවූයේ ඎද්‍ධි විකුර්‍වණ්‍ය කරමි. මම සයුරෙහි විසීමි.
’’නිතර සිය පිරිවරවූ ස්වකීය නාග සමූහයා පිරිවරා මම තූර්‍ය්‍යයන් වාදනය කරවීමි. එකල්හි නා මෙනෙවියෝ (අනොමදස්සි) බුදුරජාණන් වහන්සේ පිරිවරා වාදනය කළාහුය.
’’(මනුෂ්‍ය- නාග) තූර්‍ය්‍යන් වාදනය කරනු ලබන කල්හි (චාතුර්මහාරාජික) දෙවියෝද (දිව්‍ය) තූර්‍ය්‍යයන් වාදනය කළාහුය. මේ දෙපිරිස (දෙවි මිනිසුන්ගේ තූර්‍ය) ශබ්දය අසා බුදුරජාණන් වහන්සේද එය දැනගත් සේක.
’’ බුදුරජාණන් වහන්සේට ආරාධනාකොට ස්වකීය නාග භවනයට එළඹියෙමි. මම අසුන් පනවා (දානයට සුදුසු) කාලය සැළ කෙළෙමි.
’’රහතුන් දහසක් විසින් පිරිවරණ ලද බුදුරජාණන් වහන්සේ සියළු දිසාවන් බබුළුවන සේක් මාගේ භවනයට එළඹි සේක.
’’එකල්හි මම (එසේ) එළඹියාවූ භික්‍ෂු සංඝයා සහිතවූ, මහා වීරවූ, දේවාති දේවවූ, නරශ්‍රේෂඨවූ බුදුරජාණන් වහන්සේ ආහාර පානයෙන් සන්තර්‍පණය කළෙමි.
’’(සියල්ල) තෙමේම අවබෝධ කළාවූ, මහා වීරවූ, අග්‍ර පුද්ගලවූ බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ අනුමෝදනාව කළ සේක. මෙම ගාථාවෝද වදාරණ ලදහ.’’
’’යමෙක් තෙම ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේද, සංඝයාද පිදී නම් හෙතෙම එම සිත පැහැදවීම කරණකොට ගෙන දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) යන්නේය.
’’සත් සැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යයද කරන්නේය. අට සියක් වරෙක පෘථිවි රාජ්‍යයද කරමින් පොළොවෙහි වෙසෙන්නේය.
’’පස් පණස් වරක් සක්විති රජ වන්නේය. එකෙණෙහි ඔහුට අපමණ භෝගයෝ උපදින්නාහුය.
’’මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි) ඔක්කාක නම් කුලයෙහි උපදින්නාවූ ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය.
’’හෙතෙම (වරුණ නාග රාජ තෙම) නිරයෙන් චුතව මිනිසත් බවට (උත්පත්ති වශයෙන්) යන්නේය. කෝලිත නම්වූ බ්‍රාහ්මණයෙක් වන්නේය.
’’හෙතෙම පසුව පැවිදිව කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වීතීය ශ්‍රාවක වන්නේය.
’’පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, නිවණට මෙහෙයූ සිත් ඇත්තේ, ඎද්‍ධියෙහි කෙළ පැමිණියේ, සියලු ආශ්‍රව ධර්‍මයන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) පිරිනිවන් පාන්නේය.’’
’’පාප මිත්‍රයන් ඇසුරෙන් කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට සිත් ඇත්තේ මව් පියන්ද නැසීමි.
’’මම නිරෙයෙහි හෝ, නැතහොත් මිනිසුන් අතරෙහි හෝ, යම් යම් යෝනියක උපදිම් නම් (එකී) පාප කර්‍මය හා එක්වීමෙන් බිඳීගිය හිස් ඇත්තේ මැරෙමි.
’’මෙය මාගේ (සසරෙහි) අවසානයයි. අන්තිම ආත්ම භාවය වේ. මේ ආත්ම භාවයෙහිදීද මට මැරෙන කල්හි මෙබන්දක් වන්නේය.
’’ප්‍රකර්‍ශ විවේකයෙහි යෙදුනේ, සමාධි භාවනාවෙහි ඇළුනේ, සියලු ආශ්‍රවයන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.
’’පෘථිවියද ඉතා ගැඹුරුය. ඝනය. නොසෙල්විය හැක. (එහෙත්) ඎද්‍ධියෙහි කෙළ පැමිණියේ (එය) වම් පය මහපටැඟිල්ලෙන් සොළවමි.
’’අස්මී මානය (සීල සමාධි ප්‍රඥාදිය ඇත්තේ මටමය යන ඇඟීම) නොදකිමි. මට මානය නැත. මම සාමණේරයන් පටන්කොට සියලු භික්‍ෂු සංඝයා කෙරෙහි ගෞරව සිත (ඇති) කරමි.
’’මින් (එකා සංඛ්‍ය කල්ප ලක්‍ෂයකට) අපරිමෙය කල්පයකට පෙර (අගසව් බව පිණිස) යම් කර්‍මයක් රැස් කෙළෙම්ද, මම ඒ ශ්‍රාවක භූමියට පත්වීමි. ආශ්‍රව ක්‍ෂය නම්වූ නිවණට පැමිණියෙමි.
[’’මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]
’’මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී’’
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ අපදානය නිමි.