ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
4. කුණ්ඩධාන වග්ග
10. කප්පරුක්ඛිය ථෙරාපදානය
’’මම සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්ථූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්වා කප් රුකක් තැබීමි.
’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක උපදිම්ද, (ඒ හැම අත්බැව්හිදීම) මාගේ දොරටුව හොබවමින් කප් රුකක් එහි පිහිටයි.
’’මමද, මා ඇසුරු කළ යම් කිසි පිරිසක් වෙත් නම් ඔවුහුද යන අපි හැම කල්හි එම කප් රුකින් දුහුල් ගෙන හැඳීමු.
’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කප් රුකක් තැබීම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කල්ප වෘක්‍ෂ දානයාගේ මේ විපාකයයි.
’’මෙයින් සත්වෙනි කල්පයෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සූඛේල නම්වූ සක්විති රජවරු අට දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කප්පරුක්ඛිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කප්පරුක්ඛියත්ථෙරස්සාපදානං දසමං.
කුණ්ඩධානවග්ගො චතුත්ථො.