ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
5. උපාලි වග්ග
1. දුතිය උපාලි ථෙරාපදානය
’’දහසක් රහතුන් විසින් පිවරණ ලද ලෝකනායකවූ, ඒ බුදුරජාණන් වහන්සේ විවේකයෙහි යෙදුනේ එකලාව වසන්නට යන සේක.
’’(එකල්හි) ත්‍රි දණ්ඩය දරන්නාවූ, අඳුන් දිවිසම් හඳින්නාවූ, මම, ලෝකනායකයන් වහන්සේ (තථාගතවන්) දුටිමි.
’’අඳුන් දිවිසම් එකස්කොට, සිරසෙහි ඇඳිලි බැඳ, ලෝකනායක බුදුරජාණන් වහන්සේ වැඳ (උන්වහන්සේ සමග) පිළිසඳර කථා කෙළමි. (කෙසේද යත්?)
’’යම්බඳු අණ්ඩජවූ කාකාදී පක්‍ෂීහුද, (එසේම) සංසේදජවූද සියල්ලෝ හා හැමකල්හි අහසෙහි හැසිරෙන්නෝද යන සංඥීවූ හෝ අසංඥීවූ හෝ යම්කිසි සප්‍රාණීක භූත කෙනෙක් වෙත් නම් ඒ සියල්ලෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
’’උතුම්වූ පව්වෙහි පර්‍වතයන්හි හටගන්නා ලද (මලයජ) සඳුන් (ආදී) යම් ගන්‍ධයෝ වෙත් නම් ඒ සියලු සුගන්‍ධයෝ ඔබ වහන්සේගේ සීල (සුගන්‍ධ) යෙහි කලාවකටද නොයෙදෙත්.
’’මේ දෙවියන් සහිත ලෝකයා මොහඳුරු පසට වැටුනේ වෙයි. ඔබ වහන්සෙගේ ඤාණය බබළන කල්හි (ඔවුහු) වයනලද අඳුරු ඇත්තෝ වෙත්.
’’යම්සේ සූර්‍ය්‍යයා අස්තගතවූ කල්හි, සත්ත්‍වයෝ අඳුරට වැටුනාහු වෙත්ද, එසේම බුදුරජාණන් වහන්සේ නූපන් කල්හි ලෝකයා අඳුරට වැටුනේ වේ.
’’යම්සේ උදාවන්නාවූ සූර්‍ය්‍යයා හැම කල්හි අඳුරු දුරු කෙරේද? (එසේම) බුද්ධ ශ්‍රේෂඨයන් වහන්ස, ඔබ වහන්සේ හැම කල්හි අඳුර නසහුය.
’’දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥවූ ඔබ වහන්සේ වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇත්තේ වෙහිය. ඔබ වහන්සේ තමාගේ ඇරඹූ කටයුතුවලින් බොහෝ ජන සමූහයා සතුටු කෙරෙහිය කියායි.
’’ප්‍රාඥවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ සියළු දෙනාට අනුමෝදනාකොට අහසෙහි (යන) හංසරාජයෙකු මෙන් ආකාශයට නැගුනු සේක
’’අහසට පැනනැගි ශාස්තෘවූ, මහර්ෂීවූ, පදුමුත්තර බුදුරජතෙම අහසෙහි සිටියේ මෙම (ගාථාව) වදාළ සේක.
’’යමෙකු විසින් උපමාවන්ගෙන් යුක්තව මාගේ මේ නුවණ පසසන ලදද, ඔබ ඔහු කවරෙක්දැයි කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
’’හෙතෙම අටළොස් වරක් ශක්‍ර දිව්‍ය රාජයා වන්නේය. තුන්සිය වරක් පෘථිවි රාජ්‍යය කරමින් පොළොවෙහි වාසය කරන්නේය.
’’පස්විසි වරක් සක්විති රජ වන්නේය. (ලබන ලද මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නොහැකිය.)
’’(මින්) කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය.
’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, තුෂිත දිව්‍ය ලෝකයෙන් චුතව, ජාතියෙන් හීනවූයේ, උපාලි නම් වන්නේය.
’’හෙතෙම පසුව පැවිදිව පවට නොඇලී සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතවූයේ පිරිනිවන් පාන්නේය.
’’මහා යසස් ඇති, ශාක්‍ය පුත්‍රවූ, ගෞතම බුදුරජතෙමේ සතුටුවූයේ (විනය ප්‍රශ්න විෂයයෙහි තියුණු ප්‍රඥා ඇති භික්‍ෂූන් අතුරෙන්) විනයධරවූද, හේ උසස් පදවියෙහි තබන්නේය.
’’මම ශ්‍රද්‍ධාවෙන් පැවිදිවූයේ, කොට නිමවන ලද කටයුතු ඇත්තේ, ආශ්‍රව රහිතවූයේ, සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.
’’භාග්‍යවත් තෙමේ මට අනුකම්පා කළේය. මම විනයෙහි විශාරද වෙමි. ඇරඹූ සිය කටයුතු ඇත්තේ ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ප්‍රාතිමොක්‍ෂ (ශීල) යෙහිද, පසිඳුරන් විෂයෙහිද, මැනවින් සංවරවූයේ හුදු මැණික් ආකරයක් වැනිවූ සියළු විනය (ධර්‍මය) දරමි.
’’ලෝකයෙහි නිරුත්තරවූ ශාස්තෘ තෙමේ මාගේ ගුණ දැන භික්‍ෂු සංඝයා මැද හිඳ, මා උසස් පදවියෙහි තැබීය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
භාගිනෙය්‍යුපාලිත්ථෙරස්සාපදානං පඨමං.