ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

44. එක වීහාරීය වග්ග

5. උච්ඡුඛණ්ඩික ථෙරාපදානය

’’මම බන්ධුමතී නගරයෙහි වාරපාලකයෙක් වීමි. (එකල්හි) නිර්‍මලවූ සියළු ධර්‍මයන්ගේ පරතෙරෙට ගියාවූ බුදුරජුන් දුටිමි.

’’මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මහර්ෂීවූ විපස්සී නම් බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට උක් කැබැල්ලක් ගෙන දුනිමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් උක් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උක් කැබලි දනෙහි මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උච්ඡුඛණ්ඩික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උච්ඡුඛණ්ඩිකත්ථෙරස්සාපදානං පඤ්චමං.