ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
5. උපාලි වග්ග
2. සෝණකෝළිය වෙස්ස ථෙරාපදානය
’’මම තාදී ගුණ ඇති, ලෝක ජ්‍යෙෂ්ඨවූ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට සුණින් ආලේපකොට සක්මණක් කරවීමි.
’’මම නා නා වර්‍ණ පුෂ්පයන්ගෙන් සක්මණ ඇතිරවීමි. අහසෙහි වියනක්ද කොට (බඳවා) උතුම්වූ බුදුරජාණන් වහන්සේ වැළඳවීමි.
’’මනා ව්‍රත ඇති බුදුරජාණන් ඇඳලි බැඳ මම එකල්හි භාග්‍යවතුන් වහන්සේට දීර්‍ඝ ශාලාවක් පිළිගැන්වීමි.
’’ලෝකයෙහි අනුත්තරවූ, භාග්‍යවත්වූ, පසැස් ඇත්තාවූ ශාස්තෘතෙමේ මාගේ අදහස දැන අනුකම්පාවෙන් පිළිගත්තේයි.
’’දෙවියන් සහිත ලෝකයෙහි දක්‍ෂිණෙය්‍යවූ සර්‍වඥයන් වහන්සේ (එය) පිළිගෙන භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්?)
’’ඒ යමෙක් සතුටු සිතින් මට දීර්‍ඝ ශාලාවක් කරවීද, මම ඔහු කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි. (එය) ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසව්.
’’මැරෙණ අවස්ථාවෙහි පුණ්‍යකර්‍මයන්ගෙන් යුක්තවූ මෝහට එකෙණෙහි දහසක් අසුන් යෙදූ අශ්ව රථයක් එළෙඹෙන්නේය.
’’මේ පුරුෂ තෙමේ ඒ යානයෙන් දෙව්ලොවට යන්නේය. කුශල විපාකය එළඹ සිටි කල්හි දෙවියෝ සතුටු වෙත්.
’’රන් සුනු අලෙව් දුන්, උතුම් කුළු ගෙවලින් යුක්තවූ, මා හැඟිවූ, ශ්‍රේෂ්ඨ සඳළු සහිත විමනක වසන්නේය.
’’කල්ප තිස් දහසක් දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වසන්නේය. පස්විසි කපක් ශක්‍ර දේවේන්‍ද්‍රයා වන්නේය.
’’සත් සැත්තෑ වරක් සක්විති රජ වන්නේය. ඒ සියල්ලෝ යසෝධරය යන සමානවූ එකම නම ඇත්තෝය.
’’(දිව්‍ය, මනුෂ්‍ය යන) විවිධ සම්පත් අනුභවකොට, පින් රැස වඩා, අට විසිවන කපෙහි සක්විති රජ වන්නේය.
’’එහි විශ්වකර්‍මයා විසින් මවන ලද උතුම් විමනකි. දශවිධ ශබ්දයන්ගෙන් වෙන්නොවූ එම නගරයෙහි අධිපතිව වසන්නේය.
’’මින් අපරිමෙය්‍ය කල්පයෙහි පෘථිවිය පාලනය කරන්නාවූ, මහර්ධි ඇති, නම්න් ඔක්කාක නම්වූ රජෙක් රටෙහි වන්නේය.
’’ඒ සියලු සොළොස් දහසක් ස්ත්‍රීන්ට උතුම්වූ විශිෂ්ඨ ජන්ම ඇති, කැත්දූ තොමෝ පුතුන් නවදෙනෙකු වදන්නීය.
’’කැත්දූ තොමෝ, පුතුන් නව දෙනෙකු වදා මැරෙන්නීය. (ඉක්බිති) ප්‍රියවූ තරුණ කණ්‍යාවක් තොමෝ මෙහෙසි බැව්හි (තැබීම) කරන්නේය.
’’එම කණ්‍යා තොමෝ ඔක්කාක රජ සතුටුකොට වරයක් ලබන්නීය. වරය ලැබූ ඒ කණ්‍යා තොමෝ පුතුන් රටින් පිටුවහල් කරවන්නීය.
’’පිටුවහල්වූ ඒ සියල්ලෝ උතුම් පර්‍වතයකට යන්නාහුය. සියල්ලෝ ජාති භේදය වන බියෙන් සොහොයුරියන් සමග සංවාස කරන්නාහ.
’’(ඉන්) එක් ’’ප්‍රියා’’ (නම්) කණ්‍යාවක් තොමෝ ව්‍යාධිය (කුෂ්ඨ රෝගය) කින් වැළඳ ගන්නා ලද්දී වන්නීය. ක්‍ෂත්‍රිය කුමාරවරු ’’ජාති සමභේදය නොකරාවා’’ යි (ඇය) වළක් හාරා එම වළෙහි දමා වසත්.
’’(රාම නම්) රජෙක් තෙම (ඇය එම වළින්) ගොඩට ගෙන ඇය සමග (අඹු සැමියන් ලෙස) වසන්නේය. එකල්හි ඔක්කාක කුලයෙහි ඇතිවූ ජාති සමභේදය වන්නේය.
’’ඔවුන්ගේ ප්‍රජා තොමෝ (දරු මුණුබුරු පරපුර) ජාති වශයෙන් ’’කෝළිය’’ නම් වන්නීය. එහි (ඔවුහු) මිනිසුන් සතු අනල්පවූ භෝග සම්පත් අනුභව කරන්නාහුය.
’’එම සිරුරින් (ආත්මයෙන්) චුතව දෙව්ලොවට උත්පත්ති වශයෙන් යන්නේය. එහිද මනහරවූ උතුම් විමානයෙක්හි (සැප) විඳින්නේය.
’’කුශලමූලයෙන් මෙහෙයෙන ලදුයේ, දෙව්ලොවින් චුතව, මිනිසත් බවට පැමිණ, ’’සෝණ’’ නම් වන්නේය.
’’බුදු සසුනෙහි පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ, නිවණ කෙරෙහි මෙහෙයන ලද සිත් ඇත්තේ, වීර්‍ය්‍ය කරමින්, සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (ඇසුරු කොට) ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
’’අනන්ත (දැය) දක්නා සුළුවූ, ශාක්‍යකුල ශ්‍රෙෂ්ඨවූ, (දතයුතු සියල්ල) විශේෂ ඥානයෙන් දත්තාවූ ගෞතම බුදුරජතෙම (මොහු) අග්‍රස්ථානයෙහි තබන්නේය කියායි.
’’උතුම් දැමුමෙහි දැමුනේ, මා විසින් සිත මැනවින් පිහිටුවා ගන්නා ලදී. (එසේම) මා විසින් සියලු බර බහා තබන ලදී. ආශ්‍රව රහිතව (ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවුනේ වෙමි.
’’(සිරුරෙන් රැස් විහිදෙන බැවින්) අංගීරස නම්වූ (සතර අගතියට හෝ සතර අපායට හෝ නොයන බැවින්) මහා නාගවූ, ශ්‍රේෂ්ඨ ජන්ම ඇත්තෝ, කේශර සිංහයෙකු වැනිවූ සර්‍වඥතෙම භික්‍ෂු සංඝයා මැද හිඳ, මා උතුම් පදවියෙහි තබන්නේය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝණකෝළිය වෙස්ස තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සොණකොළිවිසත්ථෙරස්සාපදානං දුතියං.