ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
5. උපාලි වග්ග
4. සන්නිධාපක ථෙරාපදානය
’’(මම) ලාභ අලාභ දෙකින්ද, යසස අයස දෙකින්ද, (සමසේ) සතුටුවූයේ, කඳු අතරෙහි වූ අරණෙහි කුටියක් කොට (ගෙන) වෙසෙමි.
’’පූජාවන් පිළිගන්නාවූ නොහොත්, පූජාවනට ගෘහයක් වැනිවූ, පදුමුත්තර බුදුරජතෙම සියක් දහසක් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුයේ මාගේ සමීපයට පැමිණියේය.
’’එළඹ සිටි පදුමුත්තර නම්වු මහා වීරයන් වහන්සේ (දැක) ශාස්තෲන් වහන්සේට තෘණ ඇතිරියක් පණවා දුනිමි.
’’පැහැදුණු සිත් ඇති සොම්නස්වූ මම ඎජු ගුණ ඇති බුදුරජාණන් වහන්සේට පහන් සිතින් නෙල්ලිද, පැන්ද දුනිමි.
’’මින් කල්ප ලක්‍ෂයකින් පෙරවූ එකල්හි (මම) යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. නෙල්ලි දානයාගේ මේ ඵලයයි.
’’එක්සාලිස්වන කපෙහි සත්රුවණින් යුක්තවූ, මහත් බල ඇති, අරින්දම නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සන්නිධාපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සන්නිට්ඨාපකත්ථෙරස්සාපදානං චතුත්ථං.