ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

5. උපාලි වග්ග

5. පඤ්චහත්‍ථිය ථෙරාපදානය

’’යටට හෙළන ලද ඇස් ඇති, ප්‍රමාණවත් වචන ඇති, සිහියෙන් යුත්, සංවරණය කරණ ලද ඉඳුරන් ඇති, සුමේධ නම් බුදුරජතෙම ඇතුළු වීථියෙහි වඩනා කල්හි,

’’මුදුන් මල්කඩ පිණිස මා විසින් පසක් (පමණවූ) උත්පල මුෂ්ටීහු ගෙන එන ලද්දාහුය. මම පහන්වූයේ ඉන් (එම මල්වලින්) සියතින්ම බුදුන් පිදීමි.

’’උඩට නැගුනු ඒ මල් බුදුරජාණන් වහන්සේට වියනක් විය. (එම) සියලු පුෂ්පයෝ ශිෂ්‍යයෝ ගුරුවරයෙකුට මෙන් බුදුරජාණන් (වහන්සේ) සමගම ගියාහුය.

’’මින් දහස්වන කපෙහි යම් (මල් රැසකින් බුදුරජුන්හට) උඩට දැමුවෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි විපාකයයි.

’’මින් දෙදහස්වන කපෙහි නම්න් හත්‍ථියා නම්වූ මහත් බල ඇති සක්විති රජවරු පස්දෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පඤ්චහත්ථියත්ථෙරස්සාපදානං පඤ්චමං.