ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
5. උපාලි වග්ග
6. පදුමච්ඡදනීය ථෙරාපදානය
’’එකල්හි අග්‍ර පුද්ගලවූ විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි (මම) මැනවින් පිපුණු පියුම් ගෙන චිතකයට නැගීමි.
’’චිතකයට නැගූ කල්හි (එම පියුම්) අහසට නැගුනේය. (එය) අහසෙහි වියනක් කොට චිතකයෙහි දැරීය.
’’මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් උඩට දැමීම් වශයෙන් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.
’’මින් සත්සාළිස්වන කපෙහි සිව් මහ දිවයින් හා සිව් සයුරු කෙළවරකොට ඇති පෘථිවීශ්වරවූ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, මහත් බල ඇති ’’පදුමිස්සර’’ නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමච්ඡදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පදුමච්ඡදනියත්ථෙරස්සාපදානං ඡට්ඨං.