ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
5. උපාලි වග්ග
7. සයනදායක ථෙරාපදානය
’’තාදී ගුණ ඇති, මෛත්‍රී සිත් ඇති සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට, ඇතිරි ආදීවූ දුස්ස භාණ්ඩයන්ගෙන් අතුරණ ලද උතුම් සයනයක් මා විසින් දෙන ලදී.
’’භාග්‍යවතුන් වහන්සේ (එම) කැප සයනාසනය පිළිගත් සේක. පස්මරුන් දිනූ බුදුරජතෙම එම අසුනින් නැගිට අහසට නැගුනේය.
’’මම මින් සිව් අනූවන කපෙහි යම් සයනයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සයන දානයාගේ මේ විපාකයයි.
’’මින් එක් පණස්වන කපෙහි සත්රුවණින් යුත් මහා බල ඇති වරුණදේව නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සයනදායකත්ථෙරස්සාපදානං සත්තමං.