ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

5. උපාලි වග්ග

8. චඞ්කමදායක ථෙරාපදානය

’’මම ලෝකජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේට ගඩොලින් බැඳ සක්මනක් කරවීමි.

’’(එය) මැනවින් කටයුතු නිම කරණ ලද්දකි. උඩින් පස් රියනකි. දිගින් රියන් සියයකි. සුදුසුය. මනොඥයි.

’’නර ශ්‍රේෂ්ඨවූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙම (එම සක්මණ) පිළිගත් සේක. අතින් (එහි) වැලි (ටිකක්) ගෙන මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්?)

’’මෙම වැලි (දමා) දීමේ හේතුවෙන්ද, සක්මණ මැණවින් කරණ ලද හේතුවෙන්ද, සත් රුවණින් යුත් වැළි (පරිභෝගයට) ලබන්නේය.

’’තුන් කපක් මුළුල්ලෙහි දෙවියන් අතර දිව්‍ය රාජ්‍යය අනුභව කරන්නේය. දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ, (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේය.

’’මිනිස් ලොවට පැමිණ රටෙහි රජ වන්නේය. හෙතෙම තෙවරක් පෘථිවියෙහි සක්විති රජ වන්නේය’’ යි කියායි.

’’එක්දහස් අටසියවන කල්පයෙහි වූ එකල්හි (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චඞ්ක්‍රමණ දානයාගේ මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්කමදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

චඞ්කමනදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.