ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
1. බුද්ධ වග්ගය
7. පුණ්ණ ථෙරාපදානය
’’වේද හදාරවන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගිය, (මම) ශිෂ්‍යයන්විසින් පිරිවරණ ලදුයේද වෙමි. මනුෂ්‍යෝත්තමවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි.
’’පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ තුන් ලෝ දත්, මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සංක්‍ෂිප්ත වශයෙන් මාගේ කර්‍මය ප්‍රකාශ කළ සේක.
’’මම ඒ ධර්‍මය බුදුරජාණන් වහන්සේට අභිවාදනය කොට ඇඳිලි බැඳගෙන දක්‍ෂිණාභිමුඛව ගියෙමි.
’’සංක්‍ෂිප්තව අසා විස්තර වශයෙන් දෙසීමි. එසේ කියන්නාවූ මට සියලු ශිල්පයෝ අසා සතුටුවූවාහි,
’’ස්වකීය දෘෂ්ටිය අත්හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැදවූහ. මම සංක්‍ෂිප්තවද දෙසමි. එසේම විස්තර වශයෙන්ද දෙසමි.
’’අභිධර්‍ම ක්‍රම දන්නාවූ මම කථාවත්‍ථුප්පරණවිශුද්‍ධියෙන් සියල්ලන්ට අවබෝධ කරවා ආශ්‍රව එහිතව වෙසෙමි.
’’මින් කප් පන්සියයක් පෙර අති ප්‍රකටවූ, සත් රුවණින් යුත් සතර මහා වීපයෙහි සක්විති රජවරු සතර දෙනෙක් වූහ.
’’සිවි පිළිසිඹියාවෝද, අෂ්ටවිමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද (මා විසින්) සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනයද කරණ ලදී.
’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්නමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
පුණ්නමන්තානිපුත්ත ථෙරාපදානය පස්වැනියි.